
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවවැනි පාර්ලිමේන්තුවේ රැස්වීම් වාර අතුරින් පාර්ලිමේන්තු මන්ත්රිවරුන් 200කට වඩා වැඩි පිරිසක් සහභාගි වී ඇත්තේ රැස්වීම් වාර 12කදී පමණක් බව 2022 වර්ෂය සඳහා වන පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවෙහි සඳහන් වේ.
2022 වර්ෂයට අදාළ කාර්ය සාධන වාර්තාව අනුව නවවැනි පාර්ලිමේන්තුවේ රැස්වීම් වාර 101ක් පවත්වා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රිවරුන් 225 අතුරින් 150කට වැඩි පිරිසක් සහභාගි වී තිබූ රැස්වීම් වාර ගණන 81ක් පමණි.
එමෙන්ම මුළු රැස්වීම් 101 අතුරින් රැස්වීම් වාර 20ක් සඳහා පාර්ලිමේන්තු මන්ත්රිවරුන් 150කට වඩා අඩු පිරිසක් සහභාගි වී ඇතැයි කාර්ය සාධන වාර්තාවේ දැක්වේ.
පාර්ලිමේන්තු මන්ත්රිවරුන් 200කට වඩා වැඩියෙන් සහභාගි වී ඇත්තේ රැස්වීම් වාර 12කට පමණක් බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
(අරුණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart