
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ඉදිරි වාරයේ දී එක්සත් රාජධානියේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා ගිවිසුමකට එකගතාව පළකර ඇති බව වාර්තා වේ.
ආරංචි මාර්ගවලට අනුව, ඔහු සැප්තැම්බර් මාසයේදී එංගලන්ත සහ වෙල්ස් ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රාන්ත ශූරතා තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා නොටින්ග්හැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සමග ගිවිසුම්ගත වීමට සුදානම් වන බව පැවසේ.
ශ්‍රී ලංකාව මේ වසරේ ඉදිරි වාරය තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකරන බැවින් මෙම ගිවිසුම අසිතට වැදගත් වනු ඇත.
ශ්‍රී ලංකාව ලබන වසරේ දී ටෙස්ට් ශූරතාවලියේ කොටසක් ලෙස එංගලන්තයේ සංචාරය කිරීමට ද නියමිතව තිබේ.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ද ඩර්බිෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය වෙනුවෙන් එක්සත් රාජධානියේ දී ක්‍රීඩා කරන බවද සදහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart