October 20, 2026

ජපානයේ නගෝයා හි පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි T47 දුර පැනීමේ ඉසව්වේදී මීටර් 6.55 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මොහොමඩ් සෆ්රාන් සමත් වූ අතර, එය මෙම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කම වේ.

ඔහුගේ කණ්ඩායම් සගයා වන යූසුෆ් සල්මාන් මීටර් 6.28 ක දක්ෂතාවක් දක්වමින් සිව්වැනි ස්ථානයට පත්වූ අතර, බුද්ධික හේශාන් මීටර් 6.11 ක දක්ෂතාවක් සමඟ පස්වැනි ස්ථානය හිමිකර ගෙන තිබේ.

මේ අතර, කාන්තා T47 මීටර් 200 මූලික වටයේ තරඟ කළ ජනනී ධනංජනා වික්‍රමසිංහ තත්පර 25.80 ක කාලයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.

විල්චෙයාර් ටෙනිස් තරඟාවලියේදී, ගාමිණී දිසානායක ඉරානයේ මොහොමඩ් හමීඩ් 2-0 ක් ලෙස පරාජය කළ අතර, එහිදී ඔහු ලකුණු 7-5 සහ 6-3 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.