October 6, 2026

සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

කොළඹ මහාධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තුවකට අදාළව බන්ධනාගාර නිලධාරීන් විසින් ඥානසාර භික්ෂුව මෙලෙස අධිකරණයට රැගෙනවිත් ඇත.

අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඥානසාර භික්ෂුව ගිහි ඇඳුමින් සැරසී සිටියේය.