
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුලියාපිටිය-මාදම්පේ ප්රධාන මාර්ගයේ කරුක්කුව මංසන්ධියේදී එකම පවුලේ මවක් සහ පුතුන් දෙදෙනකු ගමන් ගත් යතුරුපැදියක් විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුතුන් දෙදෙනා මියගොස් මව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඊයේ (28) අලුයම 5.00ට පමණ මෙම අනතුර සිදු වී ඇත. අනතුරින් මියගොස් ඇත්තේ 27 හැවිරිදි අයෝධ්ය හංසමාල් නමැති වැඩිමහල් පුත්රයා සහ 12 හැවිරිදි ශයාමක සදීත නමැති බාල පුත්රයා වන අතර, බරපතළ තුවාල ලැබූ 49 හැවිරිදි මව වන ප්රියංකා කුමුදුනී හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ. මේ වන විට ඇය දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටී.
මියගිය සහ තුවාල ලැබූ අය දුම්මලසූරිය, හොරගස්අගාර ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, යතුරුපැදිය වැඩිමල් පුත්රයා විසින් පදවා ඇති අතර, මව සහ 12 හැවිරිදි බාල පුත්රයා ඔහු සමඟ ගමන් කර ඇති බවයි. අධික වේගයෙන් පැමිණි යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් අසල තිබූ විදුලි ආලෝක කණුවක ගැටීමෙන් අනතුර සිදු වී ඇති බව ද පොලීසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ මව සහ යතුරුපැදිය පැදවූ වැඩිමල් පුත්රයා හිස්වැසුම් පැළඳ සිට ඇති අතර, 12 හැවිරිදි බාල පුත්රයා හිස්වැසුමක් පැළඳ නොසිටි බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අනතුර සිදුවීමෙන් පසුව ප්රදේශවාසීන් විසින් තිදෙනා කඩිනමින් හලාවත මහ රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබේ. රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පුතුන් දෙදෙනා මියගොස් ඇති බව සඳහන් වේ.
ඔවුන් තිදෙනා ඊයේ (28) පෙරවරුවේ කොළඹ පිහිටි විදේශ රැකියා ආයතනයකට යෑම සඳහා අලුයම 4.45ට පමණ නිෙවසින් පිටත්ව ඇති බව ද අනාවරණය වී තිබේ.
මාදම්පේ දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.15ට පමණ කොළඹ බලා පිටත් වන දුම්රියට ගොඩවීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත්, නිවෙසින් පිටත් වීමට ප්රමාද වීම හේතුවෙන් යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
(උපුටාගැනීම – දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart