
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) අහෝසි කරමින්, ත්‍රස්තවාදී වැරදි, විමර්ශන, රඳවා තබාගැනීම් සහ නඩු පැවරීම් සඳහා වන නව නීතිමය රාමුවක් සහිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (Protection of the State from Terrorism Bill) රජය මඟින් ගැසට් කර ඇත.
මෙම කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ ත්‍රස්තවාදී ක්‍රියාවලින් මහජනතාව ආරක්ෂා කිරීම අපේක්ෂා කෙරේ.
මෙරට හෝ විදේශයන්හිදී ශ්‍රී ලාංකිකයන්, තානාපති කාර්යාල සහ රාජ්‍ය දේපොළ ඉලක්ක කරගනිමින් සිදුකරන ත්‍රස්තවාදී වැරදි සඳහා මෙය අදාළ වේ.
දේශපාලන හෝ මතවාදී අරමුණක් වෙනුවෙන් මහජනතාව අතර භීතිය ඇතිකිරීම හෝ රජයකට බලපෑම් කිරීම අරමුණු කරගනිමින් සිදුකරන මරණ සිදුකිරීම්, ප්‍රාණඇපකරුවන් ලෙස තබාගැනීම්, යටිතල පහසුකම් සහ පාරිසරික හානි මෙන්ම සයිබර් ප්‍රහාර ද ත්‍රස්තවාදී වැරදි ලෙස අර්ථ දක්වා තිබේ.
ත්‍රස්ත ප්‍රහාරයකින් මරණයක් සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වන අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවන අතර, සසුන්ගත සංවිධානවලට ආධාර අනුබල දීම හෝ අරමුදල් සැපයීම වැනි අනෙකුත් වැරදි සඳහා වසර 20 දක්වා සිරදඬුවම් සහ රුපියල් මිලියන 20 දක්වා දඩ නියම කළ හැක.
කෙසේවෙතත්, විරෝධතා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, ජනමාධ්‍යවේදය, අධ්‍යයන කටයුතු සහ දේශපාලන විවේචන වැනි සාමකාමී අදහස් ප්‍රකාශ කිරීම් මෙම පනත යටතේ ත්‍රස්තවාදී වැරදි ලෙස නොසලකන බවට ප්‍රතිපාදන සලසා ඇත.
සැකකරුවකු අත්අඩංගුවට ගෙන පැය 48ක් ඇතුළත මහේස්ත්රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කළ යුතු අතර, වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග මත තබාගත හැක්කේ උපරිම වසරක කාලයක් පමණි. ඒ සඳහා ද මාස දෙකකට වරක් මහාධිකරණ අනුමැතිය ලබාගත යුතුය.
තවද, රැඳවුම් නියෝග සමාලෝචනය සඳහා ස්වාධීන සමාලෝචන කමිටුවක් පත්කිරීමටත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ මහේස්ත්‍රාත්වරුන්ට රැඳවුම් මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමටත් බලතල පවරා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart