
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අද උදෑසන විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල කැඳවා තිබේ.
මෑතකදී උස්සස්වීම් ලබා දීමේදී එක් වැඩ කරන දිනයක් පමණක් තිබියදී නිළධාරිනියකට උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස එහිදී ඇමැතිවරයා නියෝග කර ඇත.
එසේම ඉදිරි සියලු උස්සස්වීම් සිදු කිරීමේදී 2025 වසරේ සිට නියෝජ්‍ය සාමාන්යධිකාරිවරකුට වසර තුනක් සහ අතිරේක සාමාන්යධිකාරිවරයකුට වසර දෙකක් විශ්‍රාම යෑමට පෙර තිබිය යුතු යැයි වශයෙන්, මෙයට පෙර අධ්යක්ෂ මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය මේ මොහොතේ සිට ක්‍රියාත්මක කරන ලෙසද ඇමැතිවරයා දැන්වා තිබේ.
එමෙන්ම වර්තමාන සාමාන්‍යධිකාරිවරයා ලබන මස විශ්‍රාම යෑමට නියමිත බැවින්, නව සාමාන්යධිකාරිවරයකු පත් කිරීමට පෙර අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගන්නා ලෙස සහ යෝජනා කරන නම් වසර 03ක් වත් සේවා කාලයක් ඉදිරියට පවතින පුද්ගලයන් විය යුතු බව දන්වා ඇත.
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වල වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් දැනුවත් කර ඇති අතර නීතිපතිවරයාගේ අනුමැතිය ලද සැණින් ප්‍රතිව්‍යුහගත කිරීමේ කෙටුම්පතට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගන්නා බවද ඇමැතිවරයා දැනුම්දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart