
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉතිහාසයේ පළමුවරට පාපන්දු කාන්තා ලෝක ශූරතාව දිනාගැනීමට ස්පාඤ්ඤය සමත් විය.
එංගලන්තය සමග සිඩ්නි හිදී පැවැති අවසන් මහා තරගය ස්පාඤ්ඤය ජයගත්තේ ගෝල 1ට 0ක් ලෙසිනි.
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සම සත්කාරකත්වය දැරූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය විචිත්‍රවත් සමාප්ති උත්සවයකින් පසු ආරම්භ විය.
ස්පාඤ්ඤය කාන්තා ලෝක කුසලානයක් දිනාගත් පස්වැනි රට වේ.
තරගයේ 29 වැනි මිනිත්තුවේදී ජයග්‍රාහී ගෝලය රැස්කිරීමට ඔල්ගා කැරමෝනා සමත් විය.
දෙවැනි අර්ධයේදී තම දැල රැකගත් ස්පාඤ්ඤ ක්‍රීඩිකාවෝ එංගලන්ත අභියෝගය සාර්ථකව මැඩපවත්වා ගත්හ.
කෙසේ වෙතත් තරගයේ 69 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ස්පාඤ්ඤයේ ජෙනිෆර් හර්මෝසෝට නොහැකි වුවද ඉන් තරගයේ ප්‍රතිඵලයට බලපෑමක් සිදු නොවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart