August 24, 2026

අලුත්ගම ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරක දර්ශන CCTV කැමරාවක සටහන්ව තිබේ.

මෙම අනතුරින් 22 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව තවත් අයකු බරපතල තුවාල ලබා ඇත.

මෙම ස්ථානයේ නිරන්තරයෙන් අනතුරු සිදුවන බව පවසන ප්‍රදේශවාසීන්, අදාළ හරස් මාර්ගයට සුදුසු ආරක්ෂිත පියවර ගන්නා ලෙස ඉල්ලමින් අනතුරෙන් පසු දුම්රිය මාර්ගය වසා දමා විරෝධතාවයක නිරත විය.