
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ජාතික වනෝද්‍යානවල වෙසෙන වනසතුන් සඳහා බවුසර් රථ යොදාගනිමින් ජලය බෙදා හැරීමේ විශේෂ වැඩසටහනක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පවතින දැඩි නියඟය හේතුවෙන් යාල, විල්පත්තුව, කුමන සහ බූන්දල යන ජාතික වනෝද්‍යානවල පිහිටි ජලාශ හා ස්වාභාවික දියකඩවල් සිඳී යාම නිසා මෙම පියවර ගත් බවයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ සඳහන් කළේ, වනෝද්‍යාන තුළ වෙසෙන වනසතුන්ට ප්‍රමාණවත් පරිදි ජලය ලබා දීම සඳහා දැනටමත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
“වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාතික වනෝද්‍යානවල සතුන්ට අවශ්‍ය ජලය ලබාදීම සඳහා අපි දැනටමත් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ප්‍රධාන ජාතික වනෝද්‍යාන තුළ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප සහ නල පද්ධති ඔස්සේ අපි නොකඩවා ජලය සැපයීම සිදු කරනවා.”
“ඊට අමතරව, එම නල පද්ධති මගින් ආවරණය නොවන ප්‍රදේශ සඳහා බවුසර් රථ මගින් ජලය සැපයීමේ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. පවතින කාලගුණික තත්ත්වයන්ගේ වෙනස්වීම් මත පදනම්ව, ලබා දෙන ජල ප්‍රමාණය වැඩි කිරීමට හෝ අඩු කිරීමට අවශ්‍ය පහසුකම් අප සතුව පවතිනවා,” යනුවෙන්ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart