
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව සුප්‍රකට පෘතුගාල පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය දීර්ඝ කාලීන සහකාරිය වන ජෝර්ජිනා රොඩ්රිගෝස් සමඟ නිල වශයෙන් විවාහ වී තිබේ. පෘතුගාලයේ ලිස්බන් නගරය ආසන්නයේ පිහිටි කැස්කායිස් වෙරළබඩ නගරයේදී අගෝස්තු 11 වනදා මෙම විවාහ උත්සවය පවත්වා ඇති බව පෘතුගීසි ජනමාධ්‍ය වාර්තා කරයි.
විවාහ මංගල්‍යයෙන් අනතුරුව රොනාල්ඩෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඡායාරූපයක් එක් කරමින් මෙම සුබ ආරංචිය ලෝකයට හෙළිකළේය. තමන්ගේ සහ බිරිඳගේ අත් දෙකෙහි විවාහ මුදු පැළඳ සිටින ආකාරය දැක්වෙන එම ඡායාරූපය පළ කර මිනිත්තු 30 ක් ඇතුළත මිලියන 3 කට අධික මනාප (Likes) සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් විය. මෙම පෞද්ගලික උත්සවය සඳහා ඔවුන්ගේ දරුවන් පස්දෙනා ද සහභාගී වී සිටි බව වාර්තා වේ.
මෙම යුවළගේ ආදර කතාව ආරම්භ වූයේ මීට වසර 10 කට පෙරය. එවකට ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කළ රොනාල්ඩෝට, ජෝර්ජිනා හමුවූයේ ඇය සේවය කළ මැඩ්රිඩ් හි ගුචි (Gucci) විලාසිතා සාප්පුවේදීය. පසුව පසුගිය වසරේ (2025) අගෝස්තු 11 වනදා ජෝර්ජිනා සිය විවාහ ගිවිස ගැනීමේ දියමන්ති මුදුව ප්‍රදර්ශනය කරමින් “ඔව්, මම කැමතියි” යනුවෙන් සටහන් තබමින් ඔවුන්ගේ ගිවිස ගැනීම නිල වශයෙන් දැනුම් දුන්නාය.
41 හැවිරිදි රොනාල්ඩෝ දරුවන් පස්දෙනෙකුගේ පියෙකු වන අතර, ඉන් දියණියන් දෙදෙනෙකුගේ මව වන්නේ ජෝර්ජිනාය. ඇය රොනාල්ඩෝගේ අනෙක් දරුවන් තිදෙනා ද ආදරයෙන් හදාවඩා ගැනීමට දායක වේ. මේ වන විට මෙම සුපිරි පවුල සවුදි අරාබියේ රියාද් නුවර ජීවත් වෙති.
පාපන්දු පිටියේ ගෝල 1,000 කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇති රොනාල්ඩෝ, රියල් මැඩ්රිඩ්, මැන්චෙස්ටර් යුනයිටඩ්, ජුවෙන්ටස් සහ වත්මන් අල්-නාසර් වෙනුවෙන් අසමසම දක්ෂතා දක්වා තිබේ. ‘බැලන් ද ඕර්’ සම්මානය 5 වතාවක් දිනා ඇති ඔහු, බිලියන 1.4 ක ශුද්ධ වටිනාකමකින් යුතුව ලොව පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා ලෙස ද වාර්තා අතරට එක්ව සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart