
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන නව පනත් කෙටුම්පතට එරෙහිව ලබන සතියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත පිරිසක් අද (12) පෙරවරුවේ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් හමුවී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව අනාවරණය කළේය.
ආණ්ඩුවේ මෙම තීරණය හේතුවෙන් මෙරට අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ප්‍රමාදයට කිසිදු ස්ථිර විසඳුමක් නොලැබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තහවුරු කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. රටේ සමස්ත නඩු සංඛ්‍යාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින්නේ සියයට එකක (1%) ප්‍රමාණයක් පමණක් බවද ඔහු පෙන්වාදුන්නේය.
“මෙරට අධිකරණ ක්ෂේත්‍රය සහ මහා බ්‍රිතාන්‍යය ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පවතින්නේ ඉතා දීර්ඝ කාලීන සබඳතාවක්. අද වන විට මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් සිදුවන ඇතැම් ක්‍රියාදාමයන් අදහන්නටත් නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව අපි බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාට පැහැදිලි කළා.”
මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනාධිපතිවරයා අතර අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්. පීරිස් කියාසිටියේ, අදාළ තීරණ සියල්ල ගෙන අවසන් වූ පසු මෙවැනි සාකච්ඡා පැවැත්වීමෙන් කිසිදු ඵලක් අත්නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart