
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවෝ 24 දෙනකුට එරෙහිව විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුව ළඟදීම ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ඊයේ (11) රාත්‍රිය වන විට පැමිණිලි පාර්ශ්වයේ අවසාන සාක්ෂි ඉදිරිපත් කිරීම සිදුවිය. වසර 5කට ආසන්න කාලයක් තුළ දින 245ක් පමණ දීර්ඝ වශයෙන් ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලේ නඩුව ඊයේ (11) නිමාවිය.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන සෙසු මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග වේ.
පැමිණිල්ලේ නඩුව අවසන් වීමෙන් පසු විත්තියේ සාක්ෂි විමසීම සිදුවේ. අනතුරුව දෙපාර්ශ්වයේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් පසු තීන්දුව සඳහා දින නියම කිරීම සිදුවේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 31ක් පවරා ඇත. එම නඩු අතරින් නඩු 5ක් ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ විභාග වේ. ඉන් නඩු 3ක තීන්දු මේ වන විට ප්‍රකාශයට පත්කර වැරැදිකරුවන්ට දඬුවම් නියමව තිබේ. නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදී රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා 854කට වරදකරු කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව පවරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවෙන් ඔවුන් වරදකරුවන් වී මරණ දඬුවම නියම වී ඇත.
ඊට අමතරව මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා 7කට හා දේව ප්‍රතිමාවකට අලාභහානි කිරීම සම්බන්ධයෙන් සබරගමුව පළාත් ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාග වූ නඩුවෙන් වැරැදිකරුවන් වූ විත්තිකරුවන් 11 දෙනකුට ද දඬුවම් නියමව ඇත. මෙම නඩු තුනේ තීන්දු ප්‍රකාශයට පත්ව ඇති අතර තවත් නඩු තුනක තීන්දු ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. පුත්තලම, ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ ත්‍රස්ත පුහුණු කඳවුරක් සහ පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 6 දෙනකුට පුත්තලම ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පවරන ලද නඩුව සහ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව විභාග වන මහ නඩුවේ සාක්ෂි විභාගය සිදුවේ.
එම නඩු කාර්යක්ෂමව විභාග කිරීම සඳහා පුත්තලම ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුණු නඩුව ද පසුගිය මාස 2කට පමණ පෙර සිට කොළඹ මහාධිකරණය ඉදිරියේ විභාග වේ. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අලුත්කඩේ පැරැණි මහේස්ත්‍රාත් උසාවි සංකීර්ණයේ ස්ථාපිත කළ නව ගොඩනැඟිල්ලට ගෙන යෑමෙන් පසු පාස්කු මහ නඩුව දිනපතා විභාගයට ගැනීම සිදුවේ.
පසුගිය කාලය තුළ නඩුව දිනපතා රාත්‍රී 10.00 පමණ වන තෙක් විභාග වූ අතර, අධිකරණ වාර නිවාඩුව යෙදෙන මෙම සතියේද සුපුරුදු පරිදි මෙම නඩුව විභාග වේ.
පැමිණිල්ලේ සාක්ෂි විමසීමේදී විත්තිකරුවන් දුන් පාපෝච්චාරණ කිහිපයක් ස්වේච්ඡාවෙන් දී ඇති බව ඒ සඳහා පැවැති සත්‍යතා පරීක්ෂණයේදී සනාථ විය.
නඩු විභාගයේදී සහරාන්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ සාමාජිකයකු රජයේ සාක්ෂිකරුවකු වෙමින් කරුණු රැසක් අනාවරණය කළේය.
මෙම නඩුව මුල් කාලයේ විභාග වූයේ මසකට වරකි. පසුව සතියට දින 2-3ක් විභාග කෙරුණු අතර, පසුගිය වසරේ සිට නඩු විභාගය දිනපතා සිදුවේ. මේ වන විට දින 245කට ආසන්න කාලයක් පැමිණිල්ලේ සාක්ෂි විභාගයට ගෙන තිබේ.
නඩු විභාගය කාර්යක්ෂම කිරීම සඳහා ගත් පියවර නිසා සාමාන්‍ය ක්‍රමවේදය අනුව වසර 10ක් හෝ ඊටත් වැඩි කාලයක් විභාග වීමට නියමිතව තිබුණු මෙම නඩුව, පැමිණිල්ලේ නඩුව අවසන්ව තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබේ.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, අධිනීතිඥවරුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගොඩආරච්චි, අකිලා දල්පදාදු යන සාමාජිකයන්ගෙන් සමන්විත නීතිඥ කණ්ඩායමක් පැමිණිල්ල මෙහෙයවති.
(උපුටාගැනීම – දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart