August 11, 2026

මීගලෑව, ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ 71 වියැති කොබෙයිගනේ ගුණරතන ස්වාමීන් වහන්සේ වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් ඊයේ (10) උදෑසන අපවත් වී තිබේ.

උදෑසන දානය වළඳා නැවත සිය භාවනා කුටිය වෙත වඩිමින් සිටියදී උන්වහන්සේ මෙම අනපේක්ෂිත වන අලි ප්‍රහාරයට මුහුණ දී ඇති බව වාර්තා වේ.

දහවල් දානය සඳහා උන්වහන්සේ වැඩම නොකිරීම හේතුවෙන් සේනාසනයේ අනෙකුත් හිමිවරුන් ඒ පිළිබඳව සොයාබලා ඇත. එහිදී භාවනා කුටි වෙත දිවෙන වන ලැහැබ සහිත මාර්ගයේ තිබී උන්වහන්සේගේ අපවත් වූ දේහය හමු වී තිබේ.

හිමිවරුන් 19 නමක් වැඩවසන මෙම ඇත්දත්ගල ආරණ්‍ය සේනාසන පරිශ්‍රය සහ අවට කලාපය නිරන්තරයෙන් වන අලි තර්ජනයට ලක්වන ප්‍රදේශයක් බවත්, මෙවැනි අලි හානි නිතර සිදුවන බවත් ප්‍රදේශවාසීහු පෙන්වාදෙති.

සිද්ධිය සම්බන්ධයෙන් මීගලෑව පොලිසිය සහ වනජීවී කාර්යාලය එක්ව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

(උපුටාගැනීම – lsn.news)