
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු පොලිස් කණ්ඩායම විසින් මැලේසියා පොලිසියේ සහ අන්තර්ජාතික පොලිසියේ සහාය ඇතිව එරට දී අත්අඩංගුවට ගෙන ඊයේ (10 වැනිදා) සවස ශ්‍රී ලංකාවට රැගෙන ආ පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සමීපතම සගයා ලෙස සැලකෙන රත්මලානේ සයිමා ඇතුළු පාතාල අපරාධකාරයන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දී ඇත.
මෙම සැකකරුවන් දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ද පොලිස් ආරංචිමාර්ග පවසයි.
UL 315 ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයකින් මෙම සැකකරුවන් තිදෙනා ඊයේ සවස 4.30 ට පමණ මෙරටට රැගෙන එනු ලැබුවේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල සහ නීති කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නීතිඥ වසන්ත පිටියකුඹුර විසිනි.
සති කිහිපයක් තිස්සේ මෙම නිලධාරීන් දෙදෙනා මැලේසියාවේ රැඳී සිටිමින් එරට පොලිසියේ ද සහාය ලබාගෙන කරනු ලැබූ දුෂ්කර මෙහෙයුම් කිහිපයකින් පසු මෙම අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
පාතාල කල්ලි නායකයකු මෙන්ම මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද බව කියන කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුල්‍ය කටයුතු මෙහෙයවා ඇත්තේ ද ධනුෂ්ක කොෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා විසින් බව විමර්ශනවලින් හෙළි වී ඇත.
කංජිපානි ඉම්රාන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයන්ට තර්ජනය කරන හඬපට සියල්ල ප්‍රචාරය කර ඇත්තේ ද සයිමා විසින් බව අනාවරණය වී තිබේ.
රත්මලානේ සයිමා මීට වසර 10කට පමණ උඩදී මැලේසියාවට ගොස් ඇති අතර ඔහු පාතාල නායකයන් කිහිපදෙනකු සමගම සමීපව කටයුතු කර ඇත.
කෙහෙල්බද්දර පද්මේ මෙන්ම රත්මලානේ කුඩු අංජු සමග ද සයිමා විවිධ අපරාධවල මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිට තිබේ.
ශ්‍රී ලංකාවට රැගෙන ආ රත්මලානේ සයිමා ඇතුළු පාතාල අපරාධකරුවෝ තිදෙනා වැඩිදුර විමර්ශනය සඳහා මහනුවරට රැගෙන යනු ලැබූහ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart