
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත්කිරීමේ (Demining) වැඩපිළිවෙළේ ප්‍රගතිය අතිශය සාර්ථක බව පවසමින් සම්මානනීය හොලිවුඩ් රංගන ශිල්පිනියක මෙන්ම අන්තර්ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ තානාපතිනියක වන රොසමන්ඩ් පයික් ඇගයීමට ලක්කර තිබේ.
නිවාස, ඉඩම්, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ හමු වූ අවස්ථාවේදී රොසමන්ඩ් පයික් මෙම අදහස් පළකර ඇති අතර, එහිදී දිවයිනේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල වත්මන් ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
මීට පෙර බිම්බෝම්බ සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබූ භූමි ප්‍රමාණයෙන් 90% ක් පමණ මේ වන විට සාර්ථකව සුද්ධ පවිත්‍ර කර අවසන් බව නිලධාරීහු මෙහිදී තහවුරු කර තිබේ.
තවත් වර්ග කිලෝමීටර 20.8 ක ප්‍රමාණයක් ඉවත් කිරීමට ඉතිරිව ඇති අතර, ඒවා ප්‍රධාන වශයෙන්ම දුෂ්කර සහ සංකීර්ණ භූමි භාගයන් වේ. ඉදිරි වසර හතර ඇතුළත ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බිම්බෝම්බවලින් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම රජයේ ඉලක්කයයි.
මෙම මෙහෙයුම් සඳහා විශේෂ පුහුණුව ලත් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් 500 දෙනකු යෙදවීමට බලධාරීන් සැලසුම් කර ඇති අතර, සසුදුසු අනෙකුත් සංවිධානවල දායකත්වයට අමතරව යුද හමුදාව මඟින් වසරකට වර්ග කිලෝමීටර 1.5 ක ප්‍රමාණයක් සුද්ධ පවිත්‍ර කිරීමට ඉලක්ක කර ඇත.
එමෙන්ම, බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු සඳහා රජය වෙන්කරන මුදල් ප්‍රතිපාදන ද පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ නංවා තිබේ.
අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාව මෙම මයින් ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව රොසමන්ඩ් පයික් මෙහිදී සිය ප්‍රසාදය පළකර ඇත.
මෙම වැඩසටහන මඟින් උතුරු නැඟෙනහිර සංවර්ධනයට, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මෙන්ම ජනතාව අතර විශ්වාසය තහවුරු කිරීමට ද විශාල පිටිවහලක් ලැබෙනු ඇතැයි නිලධාරීහු වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart