August 10, 2026

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්තවලට අනුව මෙරටින් වාර්තා වන සිෆිලිස් රෝගීන් අතරින් බහුතරය පිරිමින් වන අතර, කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

2025 වසර තුළදී පිරිමි සිෆිලිස් රෝගීන් 508 දෙනෙකු වාර්තා වී ඇති අතර, කාන්තාවන් අතරින් වාර්තා වී ඇත්තේ රෝගීන් 175 දෙනෙකු පමණි.

පිරිමි රෝගීන් 89 දෙනෙකු සහ කාන්තා රෝගීන් 31 දෙනෙකු වාර්තා වූ 2019 වසරට සාපේක්ෂව මෙය සීඝ්‍ර ඉහළ යාමකි.

මෙම දත්තවලට අනුව, 2019 සහ 2025 අතර කාලය තුළ වාර්තා වූ පිරිමි රෝගීන්ගේ සංඛ්‍යාව 471% කින් ඉහළ ගොස් ඇති අතර, එම කාලය තුළම කාන්තා රෝගීන්ගේ සංඛ්‍යාව 465% කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව, 2025 වසරේදී වාර්තා වූ ප්‍රාථමික සිෆිලිස් රෝගීන් සංඛ්‍යාව අතරින් පිරිමි රෝගීන් සංඛ්‍යාව කාන්තා රෝගීන් මෙන් තෙගුණයකට ආසන්න අගයක් ගනී.