
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු පොලිස් කණ්ඩායම විසින් මලයාසියා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේද සහාය ඇතිව මලයාසියාවේදී අත්අඩංගුවට ගත් පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සමීපතම සගයා වන රත්මලානේ සයිමා ඇතුළු පාතාල අපරාධකරුවන් තිදෙනා අද (10 වැනිදා) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.
විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන එන මෙම අපරාධකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිත බව ද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසීය.
මෙම පොලිස් කණ්ඩායම කණ්ඩායම කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතරමග නතර කර මෙරටට පැමිණිය ද මලයාසියා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය මෙම අපරාධකරු කොටුකර ගැනීම සඳහා අඛණ්ඩව විමර්ශන කරන බව එරටින් ලැබෙන ආරංචි මාර්ග පැවසීය.
පාතාල නායක කංජිපානි ඉම්රාන් මේ වන විට මලයාසියාවෙන් පළායෑමට නොහැකි වන ආකාරයට කොටුකර ගෙන සිටින අතර කොයි මොහොතක හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියාසිටියේය.
විමර්ශන නිලධාරීන් පවසන අන්දමට මලයාසියාවේදී අත්අඩංගුවට පත් වූ රත්මලානේ සයිමා, කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් මෙහෙයවා ඇත.
සුපිරි ධනවතකු බව කියන රත්මලානේ සයිමාට තායිලන්තයේ පස්මහල් සුපිරි හෝටලයක් ඇතුළු තවත් ව්‍යාපාර රැසක් ද ඇති බව අනාවරණය වී තිබේ.
මේ සියලු වත්කම් ‘සයිමා’ විසින් මිලදී ගෙන ඇත්තේ කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීම හරහා බව ද හෙළිදරව් වී ඇත.
‘සයිමා’ අත්අඩංගුවට පත්වීම් කංජිපානි ඉම්රාන්ට එල්ල වූ මරු පහරක් බව ද මේ වන විට මලයාසියාවේ ඔහුගේ ක්‍රියාකාරකම් බිංදුවට වැටී ඇති බව ද වාර්තා වෙයි.
මලයාසියාවේ සැඟවී සිටින කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සඳහා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල සහ නීති කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නීතිඥ වසන්ත පිටියකුඹුර එරටට ගොස් තිබුණේ මීට සති කිහිපයකට උඩදීය.
මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එරට පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගත් මෙම පිරිස, කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක කළේය.
කංජිපානි අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ සමීපතම ගෝලයා වූ රත්මලානේ සයිමා කොටුකර ගැනීමට විමර්ශන නිලධාරීහු සමත්වූහ.
‘සයිමා’ කොටු වූ පුවත සැලවීමත් සමගම කංජිපානි ඉම්රාන් සැඟවී සිටි ස්ථාන මාරුකර වෙනත් ස්ථානයකට මාරු වී රහසිගතව සිට ඇත.
සති කිහිපයක් තිස්සේ මෙහෙයුම් ගණනාවක් ක්‍රියාත්මක කළ ද කංජිපානි ඉම්රාන් කොටුකර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වූයේ නැත. එහෙත් කංජිපානි ඉම්රාන් මලයාසියාවෙන් පළායෑම වැළැක්වීම සඳහා එරට සියලු ගුවන් තොටුපළවල්, වරායවල් මුහුදු මාර්ග සහ රටින් පිටවීමේ දොරටු සියල්ල අවහිර කිරීමට එරට පොලිසිය කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා පාතාලයේ අංක එකේ අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයේ ද ප්‍රධානියකු වන කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ද පූර්ණ සහාය ලැබී තිබිණි.
ඇමැති ආනන්ද විජේපාල පොලිස් අමාත්‍යාංශය භාර ලේකම් රවි සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ ඉතාම රහසිගත ආකාරයටය.
(උපුටාගැනීම – දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart