August 10, 2026

“මහ­පාරේ මිනි­ස්සු­න්ගෙන් ගුටි­කෑම නිසා මහපාරේ මිය­ගිය 37 වැනි පොලි­ස්ප­ති­ව­රයා ලෙස ප්‍රියන්ත වීර­සූ­රිය ඉති­හා­ස­ගත වන­වාට තමන් අකැ­මැති බවට” කළ ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න කිරී­මට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මහ ලේකම්, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සාගර කාරි­ය­ව­සම් මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශ­යට අද (10) දින කැඳවා ඇති බව ‘දිනමිණ’ වාර්තා කරයි.

නාරා­හේ­න්පිට පිහිටි මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය හමුවේ උදෑ­සන 10.30ට පැමි­ණෙන ලෙස සාගර කාරි­ය­ව­සම්ට දැනුම්දී ඇතැයි එහි උසස් නිල­ධා­රි­යෙක් පවසා ඇත.

මෙම ප්‍රකා­ශය මඟින් පොලි­ස්ප­ති­ව­ර­යාට තර්ජ­න­යක් එල්ල වී ඇති බව සඳ­හන් කර­මින් ඒ ගැන විම­ර්ශ­න­යක් පව­ත්වන බව මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය විසින් කඩු­වෙල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට පසු­ගිය 06 වැනිදා කරුණු වාර්තා කිරී­මට ද පිය­වර ගත්තේය.

එම ප්‍රකා­ශය වාර්තා කළ ජනමාධ්‍ය නාළි­කා­ව­ලට එම ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් සංස්ක­ර­ණය නොකළ දර්ශන ලබා දෙන ලෙස නියෝ­ග­යක් නිකුත් කරන ලෙස එහිදී මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි අතර, ඊට අධි­ක­ර­ණ­යෙන් අව­සර ලැබිණි.