
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් බදු ක්‍රමය සහ එය ව්‍යාපාරික ප්‍රජාව වෙත බලපෑම් එල්ල කරන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ වත්මන් බදු ක්‍රමය මෙලෙසම පැවතුනහොත්, මහා පරිමාණ ව්‍යාපාරිකයන් තව තවත් බලවත් වන බවයි.
ඒ හමුවේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් කඩා වැටෙනු ඇති බව පැවසූ ඔහු, රැකියා උත්පාදනයට සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට වැඩිම දායකත්වයක් සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ වැදගත්කම ද අවධාරණය කළේය.
රවී කරුණානායක මන්ත්‍රීවරයාට අනුව ශ්‍රී ලංකාවේ බදු පදනම ඉතා පටු එකක් වන අතර, නිතර නිතර බදු බර පැටවෙන්නේ දැනටමත් බදු ගෙවන පිරිස මතමය.
රට තුළ බදු ගොනු ලක්ෂ 14 ක් පමණ තිබුණද, ඉන් දායක වන්නේ පුද්ගලයන් 600,000 ක් පමණක් බවත්, ලියාපදිංචි සමාගම්වලින් බදු ගෙවන්නේ සියයට 30 ක් වැනි ප්‍රමාණයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart