
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය මැයි මාසයේදී සිය නිත්‍ය තැන්පතු හා ණය පහසුකම් අනුපාතිකය සියයට 8.75 දක්වා ඉහළ දැමූ ශ්‍රී ලංකා මහ බැංකුව, ජූලි මාසයේදී එම පොලී අනුපාත වෙනස් නොකර පවත්වා ගැනීමට පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසයි.
මෙලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ යහපත් ප්‍රතිඵල සමස්ත ආර්ථිකය වෙත ගලායාමට යම් කාලයක් ගතවන බව මහ බැංකු නිලධාරීන් පවසන බව ද හිටපු මුදල් අමාත්‍යවරයෙකු ද වන රවී කරුණානායක පෙන්වා දෙයි.
එමෙන්ම ඔහු පවසන්නේ 2027 වන විට උද්ධමනය පහත වැටෙනු ඇති බවට පුරෝකථනය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද එම මතය අනුමත කරන බවයි.
කෙසේ වෙතත්, ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වෙළෙඳපොළ බලවේග මත පමණක් විශ්වාසය තැබීමෙන්, මෙම කාල සීමාව තුළ සාමාන්‍ය ජනතාව සහ ව්‍යාපාර මුහුණ දෙන අර්බුදය තවදුරටත් දැඩි වීමේ අවදානමක් පවතින බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අනතුරු අඟවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart