
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ජීවිත ආරක්ෂාව පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් දැඩි කණස්සල්ලෙන් පසුවන අතර, බ්‍රිතාන්‍යයේ වෙසෙන ඔහුගේ පුතුන් දෙදෙනාට පාකිස්තානයට පැමිණීමට බලධාරීන්ගෙන් බාධා එල්ල වන බවට චෝදනා එල්ල වෙයි.
ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන වසර තුනක් පිරෙන මොහොතේ අදහස් දක්වමින් ඔහුගේ පුතුන් වන කාසිම් සහ සුලෙයිමාන් ඊසා ඛාන් කියා සිටියේ, මාස හතකින් සිය පියාව දැක ගැනීමට පවුලේ කිසිවෙකුට, වෛද්‍යවරයෙකුට හෝ නීතිඥයෙකුට ඉඩ දී නොමැති බවයි. තමන් මාධ්‍ය හමුවේ පියා වෙනුවෙන් හඬ නඟන විට, පාකිස්තාන බලධාරීන් වීසා ප්‍රමාද කරමින් සහ අනවශ්‍ය පරිපාලන බාධා පනවමින් තමන්ගේ පැමිණීම වළක්වන බවටද ඔවුහු චෝදනා කරති.
මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන පාකිස්තාන තොරතුරු අමාත්‍යාංශය CNN පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, දෙපුතුන් සතුව විදේශගත පාකිස්තානුවන් සඳහා වන ජාතික හැඳුනුම්පත් පවතින බැවින් ඔවුන්ට රටට ඇතුළු වීමට වෙනම වීසා අවශ්‍ය නොවන බවයි. මෙම චෝදනා දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සිදුකරන නොමග යැවීමක් බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, අමාත්‍යාංශයේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කාසිම් සහ සුලෙයිමාන් කියා සිටියේ සිය හැඳුනුම්පත්වල වලංගු කාලය කල් ඉකුත් වී ඇති අතර ඒවා යාවත්කාලීන කිරීමට බලධාරීන් කටයුතු නොකරන බවයි. මෙම තාක්ෂණික ගැටලුව සම්බන්ධයෙන් පාකිස්තාන රජය මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් සිදුකර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart