August 7, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම ඇතුළු කරුණු ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

එමගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ විශ්‍රාමික වයස අවුරුදු 67 දක්වා වැඩිකිරීමට යෝජනා කර ඇති අතර, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීමට යෝජිතව ඇත.

මෙහිදී අගවිනිසුරුවරයකුගේ විශ්‍රාම වයස අවුරුදු 67 හෝ ධුරය දරන කාලය අවුරුදු 06 ක් සම්පූර්ණ වල දිනය හෝ එම දින දෙකෙන් කළින් එළඹෙන දිනය ලෙස සලකන බව කෙටුම්පතේ දක්වා තිබේ.

එමෙන්ම, අභියාචානාධිකරණය සඳහා පත්කළ හැකි විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩිකිරීමටත් පනත් කෙටුම්පතින් යෝජනා කර ඇත.