
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ජූනි සහ ජූලි මාසවල තම පාර්ලිමේන්තු වැටුප් පත්‍රිකා යැයි කියනු ලබන ලේඛන ඉදිරිපත් කරමින්, ජූනි මාසයේ පැවැති රුපියල් 179,707.93ක මාසික ඉන්ධන දීමනාව ජූලි මාසය වන විට රුපියල් 244,300.46 දක්වා ඉහළ ගොස් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ඡුනා චෝදනා කරයි.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, මෙම දීමනා වැඩිවීම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අමතර මුදල් ගෙවීමක් සිදුවන බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රජය වෙත සිය විවේචනය ද එල්ල කර තිබේ.
මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද ලේඛනවලට අනුව මාස දෙක අතර ඉන්ධන දීමනාව රුපියල් 64,600ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරයි.
ජූනි මාසයේදී පැවැති රුපියල් 412,492.93ක දළ මාසික ගෙවීම ජූලි මාසය වන විට රුපියල් 484,585.46 දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කර ඇති අදාළ වැටුප් පත්‍රිකාවල සඳහන් වේ.
මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ ” ඒ හා සමාන මුදලක් මෙන් 159 ගුණයක් පැලවත්ත ගිණුම්වලට තැන්පත් කරන බව රජයට සහාය දක්වන දුප්පතුන් නොදැන සිටිති. අත්පුඩි ගසමින් සත්‍යය පවසන අයව හිර කරන්න. අද පාර්ලිමේන්තු කතාව බලන්න, සත්‍යය කතා කරන අයට රජය කොතරම් වෛර කරනවාද කියා ඔබට තේරුම් ගත හැකිය!” යනුවෙනි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart