
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 පාස්කු ඉරිදා ෂැන්ග්‍රි-ලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතිඥවරයකු විසින් පවරා තිබූ සිවිල් වන්දි නඩුවෙන්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා විත්තිකරුවන් ලෙස ඉවත් කිරීමට කොළඹ දිසා අධිකරණය අද අවසර ලබාදී ඇත.
ප්‍රහාරය හේතුවෙන් තමන්ට සිදු වූ බරපතළ තුවාල, ස්ථිර ආබාධිත තත්ත්වයන් සහ වෛද්‍ය වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලමින් පැමිණිලිකාර නීතිඥ එම්. ටී.බී. ඒකනායක විසින් මෙම නඩුව පවරා තිබිණි.
හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නීතිපතිවරයා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව මුලින් මෙම නඩුව ගොනුකර තිබිණි.
3 වැනි සහ 4 වැනි විත්තිකරුවන් ලෙස නම් කර සිටි හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව තවදුරටත් නඩු කටයුතු පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව පැමිණිලිකරු අධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් එම දෙදෙනාටම මේ වන විටත් මරණ දඬුවම නියම කර තිබීම ඊට හේතුව ලෙස දක්වා ඇත.
පැමිණිලිකරුගේ ඉල්ලීම පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මීට පෙර අවස්ථාවකදී මෙම නඩු කටයුතුවලින් ඉවත් කර තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති රූපසිංහ අධිකරණයට පවසා සිටියේ තම සේවාදායකයාට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යෑමේ හැකියාව අභියෝගයට ලක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
අදාළ විරෝධතාව සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනුකරන ලෙස සෙසු විත්තිකරුවන්ට නියෝග කළ දිසා අධිකරණය, නඩුව නැවත ඔක්තෝබර් 19 වැනිදා කැඳවීමට දින නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart