
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සහ නඩු කටයුතු ප්‍රමාදය නැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ පනත සංශෝධනය කිරීමට රජය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති පනත් කෙටුම්පත පිළිගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනාවක් සම්මත කරමින් ප්‍රකාශ කර ඇත.
නඩු ප්‍රමාදය අවම කිරීම සියලු පාර්ශ්වයන්ගේ අපේක්ෂාව වුවද, විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම ඊට විසඳුමක් නොවන බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහගේ රජය සමයේ ආසියානු රටක් වෙනුවෙන් ප්‍රථම වරට ලබාගත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ‘පාලන විනිශ්චය ඇගයීම්’ වාර්තාව මඟින් ද ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව නඩු ප්‍රමාදය බව හඳුනාගෙන තිබිණි.
කොළඹ දිසා අධිකරණයේ පමණක් ණය අයකර ගැනීමේ නඩු 45,000ක් පමණ ගොඩගැසී ඇති අතර, විනිසුරුවරුන් 10 දෙනාගෙන් එක් අයෙකු එක් අවස්ථාවකදී නඩු 2,000ක් පමණ හසුරුවයි.
දිසා විනිසුරුවරයකු වසරකට නඩු 2,000ක්ද, මහේස්ත්‍රාත්වරයකු නඩු 5,000කට වැඩි ප්‍රමාණයක්ද හසුරුවන බවත්, ගිවිසුමක් බලාත්මක කිරීමට වසර 6–7ක් ගතවන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
IMF වාර්තාව මඟින් කිසිවිටෙකත් විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට යෝජනා කර නොමැති අතර, ඒ වෙනුවට විශේෂිත අධිකරණ පිහිටුවීම, විකල්ප ආරවුල් නිරාකරණ ක්‍රමවේද ශක්තිමත් කිරීම, පර්යේෂණ සහායක නිලධාරීන් වැඩි කිරීම සහ පාලන ක්‍රමවේද කාර්යක්ෂම කිරීම යෝජනා කර ඇත.
දැනට පවතින ලක්ෂ 11ක් වන සමස්ත නඩු සංඛ්‍යාවෙන් අවම වශයෙන් නඩු ලක්ෂ 3-4ක්වත් කඩිනමින් අඩු කරගත යුතු බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ සෙසු අධිකරණවල පවතින පුරප්පාඩු වහාම පිරවිය යුතු බවත් එජාපය පවසයි.
එබැවින්, යෝජිත ව්‍යවස්ථා සංශෝධනය තාවකාලිකව අත්හිටුවා, IMF වාර්තාව පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර, නීතිපති, අධිකරණය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දායකත්වය ඇතිව නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart