August 7, 2026

කුරුවිට බන්ධනාගාරය තුළ අද උදෑසන රැඳවියන් පිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව කුරුවිට පොලිසිය පවසයි.

උදෑසන කාලයේදී බන්ධනාගාරය තුළ ආරම්භ වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මුලින්ම රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා තිබූ අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙකු මියගිය බව පොලිසිය තහවුරු කළේය.

තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.