
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අවසර ලබාදී තිබේ.
මීට අමතරව, අදාළ ප්‍රකාශය වාර්තා කළ සියලුම ජනමාධ්‍ය නාලිකා වෙත නියෝගයක් නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ එම ජනමාධ්‍ය හමුවේ සංස්කරණය නොකළ දර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබාදෙන ලෙසයි.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී කමල් ආරියවංශ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ සාගර කාරියවසම් පසුගියදා පැවැති ජනමාධ්‍ය හමුවකදී පහත සඳහන් ප්‍රකාශය සිදුකර ඇති බවයි:
“වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ආණ්ඩුවට සේවය කිරීම නවත්වා රජයට සහ ජනතාවට සේවය කළ යුතුයි. මිනිසුන්ගෙන් ගුටි කෑම නිසා මහපාරේ මියගිය 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වෙනවාට මා අකමැතියි.”
මෙම ප්‍රකාශය මගින් පොලිස්පතිවරයාට තර්ජනයක් වී ඇත්දැයි සොයාබැලීමටත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමටත් අවසර දෙන ලෙස සහකාර පොලිස් අධිකාරීවරයා කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart