
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාරදී ඇති බව බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඊයේ (06) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ජූලි 05 වැනිදා මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් රැඳවියන් 22 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, බන්ධනාගාර නිලධාරීන් 21 දෙනෙක් සහ රැඳවියන් 106 දෙනෙක් තුවාල ලැබූහ.
මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් සඳහා මේ වන විටත් වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
පවතින රාජ්‍ය පරිපාලන විධිවිධානවලට අමතරව, විපතට පත් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් අතිරේක සහන සැලසීම අධ්‍යයනය කිරීමට ජනාධිපතිවරයා විසින් වෙනම කමිටුවක් පත්කර ඇත.
මියගිය නිලධාරීන් වෙනුවෙන් හිමිවිය යුතු අතිරේක වන්දි, විශ්‍රාම වැටුප් හිමිකම් සහ ඔවුන් ලබාගෙන ඇති නොගෙවූ ණය මුදල් සම්බන්ධයෙන් මෙම කමිටුව මඟින් නිර්දේශ ලබාදීමට නියමිතය.
ස්ථිර අබාධිත තත්ත්වයන්ට ලක්වූ නිලධාරීන් ඇතුළුව තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගේ තත්ත්වය ඇගයීමට ලක්කර, ඔවුන් සඳහා අවශ්‍ය සුදුසු ආධාර සහ සහන පියවර නිර්දේශ කිරීම ද මෙම කමිටුව හරහා සිදුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart