August 7, 2026

කුරුවිට බන්ධනාගාර පරිශ්‍රය තුළ අද හදිසි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

ඊයේ රාත්‍රියේ උද්ගත වූ මෙම නොසන්සුන්කාරී තත්වය පාලනය කළ නමුත් අද උදෑසනද නැවත එම තත්වය වර්ධනය වී ඇතැයි දැනගන්නට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සහ බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇත.