
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වාර්ෂික ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල 2025 ඊයේ (6) කොළඹදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.
2025 තරග වාරයේ අන්තර්ජාතික සහ පළමු පෙළ ක්‍රිකට් පිටියේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 42 දෙදෙනෙක් එහිදී සම්මානයට පාත්‍ර විය.
එහිදී චමරි අතපත්තු වසරේ ක්‍රීඩිකාව ඇතුලු සම්මාන හයකින් පිදුම් ලැබීය.
අන්තර්ජාතික T20 පිටියේ හොඳම පිතිකාරිනිය, තුන් ඉරියව් ක්‍රීඩිකාව, අන්තර්ජාතික එක්දින පිටියේ හොඳම පන්දුයවන්නිය සහ තුන් ඉරියව් ක්‍රීඩිකාව යන සම්මාන හතර දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව, අන්තර් සමාජ කාන්තා පන්දුවාර 50 තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව සඳහා වන සම්මානයද හිමිකර ගත්තාය.
වසරේ ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ පැතුම් නිස්සංකට වසරේ ටෙස්ට් සහ T20 පිතිකරු සම්මාන ද්විත්වය ද හිමිවිණි.
ටෙස්ට් පිටියේ හොඳම පන්දු යවන්නා ප්‍රභාත් ජයසුරිය වූ අතර ධනංජය ද සිල්වා හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය.
එක්දින අන්තර්ජාතික තරගවල හොඳම පන්දු යවන්නා සම්මානය අසිත ප්‍රනාන්දු හිමි කරගත්තේය.
චරිත් අසලංක හොඳම එක්දින පිතිකරු වෙද්දී වනිඳු හසරංග එම කාණ්ඩයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය.
දුෂ්මන්ත චමීර සහ දසුන් ශානක පිළිවෙලින් අන්තර්ජාතික T20 පිටියේ හොඳම පන්දු යවන්නා සහ තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මාන හිමි කරගත්හ.
අන්තර්ජාතික කාන්තා ක්‍රිකට් පිටියේ චමරිට අමතරව සම්මානයට පාත්‍රවූයේ කවීෂා දිල්හාරි සහ හර්ෂිතා සමරවික්‍රම පමණි.
ඔවුන් දෙදෙනා පිළවෙළින් T20 පන්දුයවන්නිය සහ එක්දින පිතිකාරිනිය යන සම්මාන ලැබූහ.
වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස කමිල් මිෂාර සම්මානයට පාත්‍ර වූ අතර වසරේ නැගී එන ක්‍රීඩිකාව ඉමේෂා දුලානිය.
ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේ දී වසරේ හොඳම විනිසුරු ලෙස රවීන්ද්‍ර කොට්ටහච්චි සම්මානයට පාත්රවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවන් කළ අනුපමේය සේවය අගයමින් මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන් සහ කැලුම් ශ්‍රීමාල් යාවජීව සම්මාන ලැබූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart