August 6, 2026

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 50 දෙනෙකුට වැඩි පිරිසක් දෙබර ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.

දිවුල්වැව මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලක තිබූ දෙබර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් පාසල් භූමියේ සිටි සිසුන් මෙලෙස දෙබර ප්‍රහාරයට ලක්ව ඇත.

අනතුරට ලක්වූ සිසුන් වහාම ප්‍රතිකාර සඳහා මහාදිවුල්වැව රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී තත්ත්වය බරපතල වූ සිසුවියන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහරෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වේ.