
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෙලාරුස්හි ස්වාධීන පුවත් මාධ්‍යයක් වන ‘යුරෝපියන් රේඩියෝ ෆෝ බෙලාරුස්’ (Euroradio) ආයතනය, ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකික රාජ්‍යතන්ත්‍රිකයකු වන සනක සමරසිංහ සම්බන්ධයෙන් පළකරන ලද පුවත් ලිපි ස්ථිරවම ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත. වසර දෙකක කාලයක් පෝලන්ත අධිකරණයේ පැවැති නීතිමය ක්‍රියාමාර්ග අවසන් කරමින්, ඔහුගේ කීර්තිනාමයට වූ හානිය පිළිබඳව කණගාටුව පළකිරීමට සහ ඊට අදාළ නීතිමය පිරිවැය ගෙවීමට ද එම ජනමාධ්‍ය ආයතනය පියවර ගෙන තිබේ.
2026 ජූලි 31 වැනි දින euroradio.fm වෙබ් අඩවියේ (https://euroradio.fm/en/euroradio-editorial-statement-sanaka-samarasinha) පළකරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් මගින්, වෝර්සෝ හි පිහිටි මෙම ජනමාධ්‍ය ආයතනයේ කතෘ මණ්ඩලය එම පුවත් ඉවත් කරගැනීම තහවුරු කරමින් මෙසේ සඳහන් කර සිටියි:
“මෙම මෙහෙවර මෙන්ම අපගේ ප්‍රකාශනයන්ට ලක්වන පුද්ගලයන් කෙරෙහි දක්වන ගෞරවය පෙරදැරි කරගනිමින්, සනක සමරසිංහ මහතා සම්බන්ධ ලිපි euroradio.fm වෙබ් අඩවියෙන් ස්ථිරවම ඉවත් කරන ලද බව අපගේ පාඨකයන්ට මෙයින් දැනුම් දෙන්නෙමු. එම ලිපි මගින් සනක සමරසිංහ මහතාගේ කිර්තිනාමයට සිදු වූ අහිතකර බලපෑම පිළිබඳව කතෘ මණ්ඩලය සිය කණගාටුව පළකර සිටියි. දෙපාර්ශවයම අධිකරණ ආරවුල සහයෝගයෙන් විසඳා ගැනීමට එකඟ වී ඇත.”
දශකයකට පමණ පෙර සනක සමරසිංහ බෙලාරුස්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලය පිළිබඳව කිසිදු පදනමකින් තොර චෝදනා ඇතුළත් ලිපි දෙකක් 2023 වසරේදී Euroradio වෙබ් අඩවිය මගින් පළකිරීමත් සමඟ ආරම්භ වූ නීතිමය ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතාවයට පැමිණ ඇත.
මෙම තීරණය ලබා දී ඇත්තේ පෝලන්ත අධිකරණය විසින් ලබාදුන් තහනම් නියෝග මාලාවකට පසුවය. අදාළ පුවත්වල සිරස්තල මහජනතාව නොමග යවනසුළු බවත්, අන්තර්ගතයේ පැහැදිලි චෝදනා නොමැති බවත්, එම තොරතුරුවල සනක සමරසිංහගේ නිල එක්සත් ජාතීන්ගේ රාජකාරිවලට අදාළත්වයක් නොමැති බවත් පවසමින් වෝර්සෝ දිසා අධිකරණය 2025 අප්‍රේල් 2 වන දින වසරක කාලයක් සඳහා අදාළ ලිපි ප්‍රචාරය කිරීම අත්හිටුවීමට නියෝග කළ අතර, පසුව එම තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලදී.
කොළඹින් සිය තිස් වසරක එක්සත් ජාතීන්ගේ සේවා කාලය ආරම්භ කර, පසුව බෙලාරුස්හි සහ පැසිෆික් කලාපයේ රටවල් 10ක එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා නායකත්වය දුන් සනක සමරසිංහ, කොළඹ දිසා අධිකරණයේ ද වෙනම සිවිල් අපහාස නඩුවක් පවරා ඇති අතර, ඊට අදාළ තීන්දුව 2026 ඔක්තෝබර් මාසයේදී ලබාදීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart