
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයකු ස්ථිරව පත්කිරීමට හැකියාව ලැබෙන්නේ එම ධුරයේ සිටි පුද්ගලයා රැකියාවෙන් ඉවත් වූ හෝ ස්ථිරව ඉවත්කළ අවස්ථාවක පමණක් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
මහනුවරදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සේවයේ වැඩ තහනමකට ලක්ව සිටින නිලධාරියකු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතරතුර එම ධුරයට ස්ථිර පත්කිරීමක් කළ නොහැකි බැවින් බන්ධනාගාර අධ්යක්ෂ ජනරාල් ධුරය සඳහා වැඩබලන නිලධාරියකු පත්කළ බවයි.
ආයතන සංග්‍රහයට අනුව අදාළ ක්‍රියාමාර්ග ගෙන ඔහු වැරදිකරු වී රැකියාවෙන් ඉවත්කරන තෙක් පුරප්පාඩුවක් නිර්මාණය නොවන බවත්, වැඩබලන නිලධාරියාගේ බලතලවල කිසිදු අඩුවක් සිදු නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.
තවද, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු 08 සම්පූර්ණ කිරීමේ කටයුතු මෙම මාසයේ සිට ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය.
එම පුරප්පාඩු පිරවීමේදී මහාධිකරණවල පුරප්පාඩු ඇතිවන බැවින්, පද්ධතිය කඩාකප්පල් නොවන සේ පහළ සිට ඉහළට ක්‍රමානුකූලව අලුතින් විනිසුරුවරුන් බඳවාගෙන පුහුණු කර යෙදවීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම රජයේ වගකීම බව ද ඔහු පැවසීය.
වසර 15-20 තිස්සේ පවතින බන්ධනාගාර තදබදයට විසඳුම් ලෙස නව ගොඩනැගිලි ඉදිකිරීමට සහ පවතින ඉඩකඩ වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට සිටින 41,000ක් වන බන්ධනාගාර රැඳවියන්ගෙන් 30,000ක්ම සැකකරුවන් වන අතර, එයින් 23,000ක් මත්ද්‍රව්‍ය චෝදනාවලට අත්අඩංගුවට පත්වූවන්ය. මොවුන් වැඩි පිරිසක් රඳවා තබා ගැනීමට ප්‍රධාන හේතුව රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමයි.
මෙම ගැටලුව නිරාකරණය සඳහා රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවැති පුරප්පාඩු සඳහා 50 දෙනකු අලුතින් බඳවාගෙන, රාත්‍රී වැඩමුරයක් ද යොදවා වාර්තා ලබාගැනීම කඩිනම් කර ඇත. මේ තුළින් මසකට රස පරීක්ෂක වාර්තා 7,500ත් 9,000ත් අතර ප්‍රමාණයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart