
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පසුගිය ජූලි 7 සිට 15 දක්වා පැවැති සත්‍යග්‍රහය අතරතුර අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් අදහස් දැක්වීම සම්බන්ධයෙන් දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා අභියාචනාධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
මෙසේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වී ඇත්තේ:
– විමල් වීරවංශ
– උදය ගම්මන්පිල
– සුගීෂ්වර බණ්ඩාර
– දිලිත් ජයවීර
– අසංක නවරත්න
– ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ,
යන පිරිසටය.
මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අද කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ වාර්තා කරන ලදී.
එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ පුද්ගලයන් සිදුකර ඇති ප්‍රකාශවලින් අධිකරණ ක්‍රියාවලිය විවේචනය වී ඇති බව බැලූ බැල්මට පෙනීයන බව ප්‍රකාශ කළේය.
ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මොවුන්ට එරෙහිව අභියාචනාධිකරණයේ චෝදනා ගොනුකිරීම සඳහා ඉල්ලීමක් කිරීමට අධිකරණය තීරණය කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart