
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට වසර ගණනාවක් පුරා පවතින අලි-මිනිස් ගැටුමට දීර්ඝකාලීන විසඳුම් සපයන නව ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කොටසක් ලෙස, බාධා සිදුව ඇති අලින්ගේ සාම්ප්‍රදායික සංක්‍රමණික මංපෙත් නැවත විවෘත කිරීමට සහ අලි පෝෂණ කලාප ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.
පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ ‘වනස්පති’ ජාතික වැඩසටහන හරහා අලින්ගේ සාම්ප්‍රදායික මංපෙත්හි ඇති බාධා ඉවත් කිරීමට සහ වන පද්ධති තුළ වෙසෙන අලින්ගේ ස්වාභාවික වාසස්ථාන සංවර්ධනය කිරීමට පියවර ගනිමින් සිටින බවයි.
ශීඝ්‍ර සංවර්ධන කටයුතු, වනාන්තර විනාශය සහ භූමි පරිභෝජන රටාවල සිදුවූ වෙනස්කම් හේතුවෙන් අලින්ගේ ස්වාභාවික වාසස්ථාන අහිමි වීම සහ උන්ගේ ගමනාගමන රටාවන්ට බාධා පැමිණීම අලි-මිනිස් ගැටුම තීව්‍ර වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
යෝජිත නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම මඟින් අලි වාසස්ථාන පුනරුත්ථාපනය කිරීම, සංක්‍රමණික මංපෙත් ආරක්ෂා කිරීම සහ අලි-මිනිස් ගැටුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මෙන්ම වනජීවීන්ට ද ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ.
මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම අලි-මිනිස් ගැටුමෙන් දැඩි ලෙස පීඩාවට පත් දිස්ත්‍රික්ක නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ පාරිසරික විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරේ.
ඊට අමතරව ප්‍රජා සහභාගීත්ව ප්‍රවේශයක් ඔස්සේ මෙය ක්‍රියාත්මක කිරීමට අධීක්ෂණ කමිටුවක් ද පිහිටුවා ඇත.
පවතින නීති සහ රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක කරමින් කළමනාකරණය කරන ලද අලි රක්ෂිත පාලනය ශක්තිමත් කිරීමට ද හඳුනාගෙන ඇත.
තාවකාලික පැලැස්තර විසඳුම්වලින් මිදී, මිනිසුන් සහ අලින් අතර සහජීවනය තහවුරු කෙරෙන විද්‍යාත්මක වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යෑම මෙහි ප්‍රධාන අරමුණයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart