
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලොන්නරුව පැරණි නගරය, එහි විකාශනය සහ රාජධානියේ බිඳ වැටීමට බලපෑ නියම හේතු සාධක සොයා ක්‍රියාත්මක වන දැවැන්ත පුරාවිද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියේ 5 වැනි අදියරේ කැණීම් කටයුතු සාර්ථකව ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලය සහ ඔස්ට්‍රේලියාවේ ලා ට්‍රොබ් විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කරන මෙම විශේෂ පර්යේෂණ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, යාපනය විශ්වවිද්‍යාලය සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පූර්ණ සහයෝගය ලබාදෙයි.
ඝන වනාන්තර තුළ සැඟවී ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන හඳුනාගැනීම සඳහා ලයිඩාර් (LiDAR) තාක්ෂණය සහ පොළොව යට පරීක්ෂා කළ හැකි ජී.පී.ආර් (GPR – Ground Penetrating Radar) තාක්ෂණය යොදාගන්නා අතර, ඊට අමතරව සම්ප්‍රදායික කැණීම් මෙන්ම ඕගර් කැණීම් ක්‍රම ද මෙහිදී භාවිත කෙරේ.
ඇතුළු නගරයේ සිට මීටර් 1.5ක් පමණ ඈතින් පිහිටි පිටත නගර කලාපයේ, පසුගිය වසරේ සිදුකළ ලයිඩාර් ගවේෂණයට අනුව පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර් 70-80ක් පමණ උසැති ගොඩලි 20-30ක් පමණ නිරීක්ෂණය වී ඇති අතර, ඒවායේ පුරාවිද්‍යාත්මක වටිනාකම හෙළි කරගැනීමට කැණීම් සිදුකෙරේ.
අනුරාධපුර යුගයේ අවසානයත් සමඟ (ක්‍රි.ව. 9 වැනි සියවසේ අගභාගයේදී පමණ) ආරම්භ වූ පොලොන්නරුව නගරයේ මුල් අවධිය පිළිබඳ තොරතුරු සොයාගැනීම සඳහා එහි ප්‍රාකාර බැම්ම අසල දොරටුව කැණීමට ලක් කෙරේ.
ප්‍රදේශයේ සංස්කෘතික ස්ථරවල ගැඹුර මැන බලා විද්‍යාත්මක කාල නිර්ණයක් ලබාගැනීම හරහා පොලොන්නරුව නාගරීකරණයේ නියම ස්වරූපය සහ රාජධානිය හදිසියේම බිඳ වැටීමට බලපෑ සැබෑ හේතු සාධක රැසක් ඉදිරියේදී හෙළි කරගැනීමට බලාපොරොත්තු වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සඳහන් කරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart