
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතහේවාහැට ප්‍රාදේශීය සභා පරිශ්‍රයෙන් පිටතදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවන් අතර ඇතිවූ උණුසුම් මතභේදාත්මක තත්ත්වයක් සහ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව තලාතුඔය පොලිසිය පවසයි.
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි ගාමිණී රාජනායක පසුගියදා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්, නව සභාපතිවරයකු තේරී පත් කරගැනීමේ ඡන්ද විමසීම ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.
කෙසේවෙතත්, ගණපූරණය නොමැති වීම හේතුවෙන් නව සභාපතිවරයකු තෝරා පත් කරගැනීමට නොහැකි වී ඇත.
ඒ අනුව ඒ සඳහා නව දිනයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු ප්‍රකාශ කළාය.
ඡන්ද විමසීම නොපැවැත්වුණද ප්‍රාදේශීය සභා පරිශ්‍රයෙන් පිටත රැඳී සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහරදීමත් සමඟ දෙපිරිස අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම පැමිණිලි ලැබී ඇති අතර, ගැටුමෙන් තුවාල ලැබූ දෙපාර්ශ්වයේම පුද්ගලයන් තිදෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව තලාතුඔය පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart