
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වීමට නියමිතව තිබූ අරමුදල් රැස්කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහයකට පෙර, කැලිෆෝනියා හි පිහිටි ඔහුගේ ගොල්ෆ් සමාජශාලාව අසල සැකකටයුතු ලෙස හැසිරුණු 38 හැවිරිදි පුද්ගලයෙක් ගිනිඅවි සහ තහනම් පතොරම් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ජෙනීන් ජෝන් ටේල් නැමැති මෙම සැකකරු රැන්චෝ පාලෝස් වර්ඩේස් හි පිහිටි ‘ට්‍රම්ප් නැෂනල් ගොල්ෆ් කෝස්’ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බව ලොස් ඇන්ජලීස් ෂෙරිෆ් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
සැකකරු ගොල්ෆ් පිටිය පුරා ඇවිදිමින් ඡායාරූප සහ වීඩියෝ ලබාගනිමින්, ආරක්ෂක සංවිධාන කටයුතු නිරීක්ෂණය කරන බවට නිරීක්ෂණය වීමෙන් පසුව සිවිල් ඇඳුමින් සිටි ෆෙඩරල් නිලධාරීන් විසින් ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කර ඇත.
ඔහු ළඟ තිබී රවුම් 16ක මැගසීනයක් සහ ශරීරයට දැඩි හානි පමුණුවන තහනම් ‘හොලෝ පොයින්ට්’ පතොරම් සොයාගෙන ඇත.
එමෙන්ම ඔහුගේ රථයේ තිබී පතොරම් යොදා තිබූ පිස්තෝලයක් ද හමු වී තිබේ.
සැකකරුගේ ඩවුනි හි පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී නීති විරෝධී ලෙස වෙනස් කරන ලද AR රයිෆලයක්, තවත් .45 පිස්තෝලයක්, ශරීර ආරක්ෂක කබා , අධි ධාරිතා මැගසීන්, විශාල පතොරම් ප්‍රමාණයක් සහ සැකකටයුතු සටහන් සහිත සටහන් පොත් කිහිපයක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු එල් සෙගුන්ඩෝ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑමකටද සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි අයෙකු බව හෙළි විය.
ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ සහාය ඇතිව විමර්ශන ක්‍රියාත්මක වන අතර, සැකකරු ජනාධිපතිවරයාට හානි කිරීමට පැමිණියේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනුකර නොමැති බවත් බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart