
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීමේ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය විසින් ‘ටෙක්නිකල් මැලතියන්’ (Technical Malathion) කෘමිනාශක ලීටර් 500ක තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කර තිබේ.
මෙම කෘමිනාශක තොගය නිල වශයෙන් භාරදීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් අද(04) සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත සිදුකරන ලදී.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අනුව, ඉන්දියාවේ UPL Limited සමාගම විසින් නිෂ්පාදිත මෙම ඖෂධ තොගය, ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමෙන් සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත කොළඹට ලබාදීමට පියවර ගෙන ඇත.
හදිසි ආපදා සහ අර්බුදකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ පළමු සහන සැලසුම්කරුවා ලෙස ක්‍රියාකිරීමට ඉන්දියාව දක්වන සූදානම මෙයින් නැවතත් තහවුරු වන බව ඔවුහු පෙන්වාදෙති.
2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 86,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතටය.
ලැබුණු මෙම මැලතියන් කෘමිනාශක තොගය, ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් දිවයින පුරා සිදුකරනු ලබන ධූමායන සහ කෘමිනාශක විෂබීජහරණ මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart