
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලනඥයෝ කියන්නේ ඉතින් ජනතාවගේ දුක සැප බලන්න කැපවුණු පිරිසක්නේ. හැබැයි සමහර වෙලාවට මේ ගොල්ලන්ගේ ප්‍රවර්ධන වැඩ දැක්කම ජනතාවට හිනා වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැරි වෙනවා. ඔන්න ඔය වගේ අපූරු සිදුවීමක් පසුගියදා වාර්තා වුණේ ඌව පරණගම ප්‍රදේශයෙන්.
සංචාරක ප්‍රවර්ධන කටයුත්තකට ඌව පරණගම පැත්තේ ගිය නියෝජ්‍ය සංචාරක ඇමති රුවන් රණසිංහ (එතුමා බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක්ද වෙනවා) සහ බදුල්ලේ තවත් මන්ත්‍රීවරයෙක් වෙන රවීන්ද්‍ර බණ්ඩාර එකතු වෙලා මරු වැඩක් කරලා තියෙනවා. මේ දෙන්නා ප්‍රදේශයේ තියෙන සංචාරක ආකර්ෂණය ලෝකෙටම පෙන්වන්න කියලා පෝනියන් (දෙන්නෙක් උඩ නැගලා ජයග්‍රාහී සවාරියක් ගිහින්.
ඌව පරණගම කියන්නේ තේ වලට විතරක් නෙවෙයි, පෙයාර්ස් වගාවටත් දැන් හරිම ප්‍රසිද්ධ පළාතක්. ඉතින් අපේ නියෝජ්‍ය ඇමතිතුමා පොනියා පිට උඩ ඉඳගෙනම, එතන තිබුණු ගහකින් පෙයාර්ස් ගෙඩියක් කඩලා ලස්සන ‘ෆොටෝ ෂූට්’ එකකුත් දාලා තියෙනවා සංචාරකයෝ ඇදගන්න.
හැබැයි ඉතින් ඇමතිවරු මේ පෝනි සවාරියේ ගිහින් සතුටින් පළතුරු කැඩුවට, ඔවුන් පෙයාර්ස් කඩපු තැන ඉඳලා කිලෝමීටර් කිහිපයක් මෙහායින් ඉන්න පෙයාර්ස් වගාකරුවන්ගේ සැබෑ තත්ත්වය කණගාටුදායකයි.
අසරණ ගොවියෝ තමන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් නැතුව හූල්ලනවා. ගොවීන් පවසන විදිහට ඔවුන්ගෙන් පෙයාර්ස් කිලෝවක් රුපියල් 600ත් 700ත් වගේ අඩු මිලකට ගන්න අතරමැදි වෙළෙන්දෝ, ඒ පෙයාර්ස් ටික පාර අයිනේ තියාගෙන පාරිභෝගිකයන්ට විකුණන්නේ රුපියල් 2000 වගේ අධික මිලකටලු ගොවියා ණය වෙලා වගා කරලා අන්තිමේදී ලාභය ඔක්කොම යන්නේ අතරමැදියන්ගේ සාක්කුවට.
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන එක ඇත්තටම හොඳයි. හැබැයි පෝනියා පිටේ ඉඳන් පෙයාර්ස් කඩන ගමන්, පාරේ අයිනට වෙලා අඬන ගොවියන්ගේ ප්‍රශ්නෙටත් මොනවා හරි විසඳුමක් දෙන්න අපේ බදුල්ලේ මන්ත්‍රීවරු දෙන්නට පුළුවන් නම්, ඒක තමයි නියම ‘ප්‍රවර්ධනය’. බලමුකෝ ඉතින්.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart