
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය යනු මේ වන විට නූතන හරිත විප්ලවය සිදුකරමින් පවතින ආයතනයකි. එම ආයතනය විසින් අක්කර 460කට ආසන්න ප්‍රමාණයක සමස්ත දිවයින පුරා සිය වගා ජාලය ව්‍යාප්ත කර ඇත.
එහි නව්‍ය පියවරක් ලෙස සංචාරකයන්ට නවාතැන් ගැනීමේ දී වගා බිමක සුන්දරත්වයේ පහස විඳ ගන්නට අවස්ථාව සලසා දෙමින් අනුරාධපුර මහබුලන්කුලම ප්‍රදේශයේ පිහිටා ඇති සිලෝන් ග්‍රීන් ලයිෆ් එකෝ රිසෝට් ව්‍යාපෘතිය, සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ නිර්මාතෘ හා සභාපති ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මහතා සහ ආයතන සමූහයේ අධ්‍යක්ෂිකා ඉරේෂා නිමන්තිකා වික්‍රමසිංහ මහත්මිය, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මේ වන විට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක ඉඩමේ පමණක් අක්කර හැටක භූමි ප්‍රමාණයෙන් සාර්ථක අඹ වගාවක්,පේර වගාවක්,අන්නාසි,තැඹිලි,පොල්, වගාවන් ආදී වගාවන් රැසක් මෙම භූමි භාගය පුරා විසිරී පවතී.
නවීන තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කර ගනිමින් විවිධ ව්‍යාපෘති හරහා මේ වනවිට දේශීය ගොවියා,කෘෂිකර්මාන්තය මෙන්ම දේශීය ව්‍යවසායකයා රැක ගැනීම සඳහා ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මහතා මහත් වෙහසක් ගනිමින් සිටී.
උත්සව සභාව අමතමින් ඔහු ප්‍රකාශ කළේ, “දේශීය ගොවියාට විකුණ ගන්න බැරි ඕනම දෙයක් අපේ ආයතනයට ගෙනැවිත් දෙන්න.අපි ඒක මිළට අරන් අපි විකුණලා දෙන්නම්.ඒ වගේම සෑම අස්වැන්නකින්ම අගය එකතු කළ අතුරු නිෂ්පාදන කරන්න යොමු වෙන්න.අපි ඒවා මිළට ගන්නත් ඒවා ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා ගෙනියන්න අපි සූදානම්.අපි ආයතනයක් විදිහට ඒ වෙනුවෙන් බැඳිලා ඉන්නවා.ඒ වගේම නවීන තාක්ෂණික ක්‍රමවේදයක් යටතේ ලංකාවේ දිගම විශාල ටනල් එකක් තුළ (45KM) එළවලු වර්ග රැසක් වගා කිරීමට සූදානම්. ඒ මඟින් ලංකාවේ පවතින එළවළු හිඟය මඟ හරවා ගැනීම තමා අපේ අරමුණ” යනුවෙනි.
මෙම අවස්ථාවට ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක, ආයතනික ඉහළ කළමණාකාරීත්වය ඇතුලු පිරිසක් එක්වූහ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart