
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව ප්‍රථම වතාවට මිනිස් ස්වරූපයක් ගත් (Humanoid) රොබෝවරුන් සහභාගී වන මිශ්‍ර සටන් කලා (MMA) ශෛලියේ සටන් තරගාවලියක් චීනයේ ෂෙන්සෙන් නගරයේදී සාර්ථකව ආරම්භ කර තිබේ.
Ultimate Robot Knock-out Legend (URKL) නමින් හඳුන්වන මෙම තරඟාවලියේදී කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන රොබෝවරුන් එකිනෙකා පරයා පහරවල් එල්ල කරමින් සටන් වදිනු ලබයි.
මිනිස් රොබෝ තාක්ෂණය අතින් ලෝකයේ පෙරමුණ ගැනීමට චීනය දරන උත්සාහයේ සුවිශේෂී පියවරක් ලෙස මෙම තරඟාවලිය සැලකේ.
මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ මෙම සංකීර්ණ රොබෝ යන්ත්‍රවල ශරීර සමතුලිතතාව, වේගවත් චලනයන් සහ සටන් කිරීමේ හැකියාවන් සැබෑ ලෝකය තුළ පරීක්ෂාවට ලක්කිරීමයි.
මෙම ඓතිහාසික URKL තරඟාවලිය සඳහා ලොව පුරා විවිධ රටවල් නියෝජනය කරමින් තාක්ෂණික කණ්ඩායම් රැසක් සහභාගී වන අතර, තරඟාවලියේ ශූරතාවය දිනාගන්නා කණ්ඩායම වෙනුවෙන් චීන යුවාන් මිලියන 10ක (එනම් ඇමරිකානු ඩොලර් මිලියන 1.4ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 40කට අධික) දැවැන්ත ත්‍යාග මුදලක් පිරිනැමීමට සංවිධායකයන් කටයුතු සූදානම් කර ඇත.
තාක්ෂණික ලෝකයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කර ඇති මෙම රොබෝ සටන් තරගාවලිය, අනාගතයේදී රොබෝවරුන් මිනිසාගේ එදිනෙදා කටයුතු සහ කාර්මික ක්ෂේත්‍රයන් සඳහා යොදාගැනීමේ පර්යේෂණ වඩාත් වේගවත් කරනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart