
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ ප්‍රසිද්ධ සංසදයේදී අදහස් දැක්වූවන්ගේ ප්‍රකාශ මාධ්‍ය මඟින් විකෘති කර සහ වැරදි ලෙස අර්ථකථනය කර වාර්තා කිරීම පිළිබඳව තමන් “මහත් මවිතයට සහ කලකිරීමට” පත් වූ බව එහි සභාපති රජීව් අමරසූරිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් සභාපතිවරයා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණවල සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා සංවිධානය කර තිබූ මෙම ප්‍රසිද්ධ සංසදය ඊයේ(05) සාර්ථකව පැවැත්වුණු බවයි.
මෙම සංසදය සඳහා ප්‍රකට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විද්වතුන් කිහිපදෙනකු සහභාගී වූ අතර, නීතිඥ සංගමයට අනුව ඔවුන් සියලු දෙනාම එකී යෝජිත සංශෝධනයට එරෙහිව එක හඬින් අදහස් දැක්වූ බව ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත්, ඇතැම් ජනමාධ්‍ය අංශ විසින් එහිදී අදහස් දැක්වූ සම්පත්දායකයන්ගේ ස්ථාවරයන් “සම්පූර්ණයෙන්ම විකෘති කර සහ වැරදි ලෙස අර්ථකථනය කර” වාර්තා කිරීමට කටයුතු කර තිබීම දැකීමෙන් තමන් පුදුමයට හා කලකිරීමට පත් වූ බව ඔහු පවසයි.
“මාගේ අවබෝධය සහ දැක්මට අනුව, විශේෂයෙන්ම මෙවැනි ජාතික වැදගත්කමක් ඇති කරුණකදී මාධ්‍යයේ වගකීම විය යුත්තේ පක්ෂග්‍රාහී නොවන අදහස් සමාජගත කිරීම මිස, දේශනවලින් කොටස් පමණක් තෝරාගෙන ඒවායේ සමස්ත සන්දර්භයම නොසැලකිලිමත් ලෙස විකෘති කිරීම නොවේ,” යැයි ඔහු වැඩිදුරටත් කියාසිටියි.
මෙම සංසදයේදී ස්ටීවන් තිරු, යැප් ටියොන්ග් ලියෑන්ග්, සාවිත්‍රි ගුණසේකර, රොහාන් එදිරිසිංහ, දීපිකා උඩගම, එම්. ඒ. සුමන්තිරන්, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දේගොඩ, ජෙෆ්රි අලගරත්නම් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේ. ඩබ්ලිව්. ජනරංජන ඇතුළු පිරිසක් අදහස් දැක්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart