
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆේස්බුක්, ටික්ටොක් එකේ ඉන්න සමහර ‘කීබෝඩ් වීරයෝ’ ආගම්වාදය ඉස්සරහට දාලා කරපු වැඩක් නිසා අන්තිමේදී අහිංසක තරුණයන් දෙන්නකුගේ ජීවිත හිරගෙවල් ඇතුළේ හිරවෙලා තියෙනවා කියලා සෝෂල් මීඩියා එකෙන් ආරංචියක් ලැබෙනවා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ එකකට එකක් බැඳුණු දේවලින්.
මුල්ම සිද්ධිය වෙලා තියෙන්නේ කල්මුණේ පැත්තේදී. උතුරේ ඉඳන් කතරගමට යන ‘පාද යාත්‍රා’ වන්දනාකරුවන් සමඟ ආපු බල්ලෙකුට 21 හැවිරිදි තරුණයෙක් පයින් ගහන වීඩියෝ එකක් පසුගිය සතියේ සෝෂල් මීඩියා එකේ හැමතැනම වයිරල් වුණා. වීඩියෝ එක දැකපු කට්ටිය මේකට දැඩි විරෝධයක් එල්ල කරපු නිසා කල්මුණේ පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා මඩකලපුව, කල්මුණකුඩී ප්‍රදේශයේ පදිංචි මේ තරුණයාව අත්අඩංගුවට ගත්තා.
ඔන්න ඊට පස්සේ තමයි දෙවැනි ජවනිකාව පටන් ගන්නේ. මේ බල්ලාට කරපු හිංසාව දැකලා කල්මුණේ ප්‍රදේශයේම තරුණයෙක් (දැනට සෞදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියාවක් කරන) ෆේස්බුක් එකේ කමෙන්ට් එකක් දාලා තිබුණා. හැබැයි මේ කමෙන්ට් එකෙන් ඔහු සත්ව හිංසාව විවේචනය කරන අතරතුර මොහොමඩ් නබි නායකතුමා සහ ඉස්ලාම් දහම ගැනත් යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරලා තිබුණා කියලා කියනවා.
මේක දැකපු ලංකාවේ ඉන්න ‘කීබෝඩ් වීරයෝ’ සෙට් එකක් නිකම් ඉඳලා නැහැ. ඔවුන් මේ තරුණයා තමන්ගේ ආගමට අපහාස කළා කියලා, අර සිංහලෙන් දාපු කමෙන්ට් ඔක්කොම අරාබි බසට පරිවර්තනය කරලා සෞදි බලධාරීන්ට ටැග් කරලා පැමිණිලි කරලා. සෞදි අරාබියේ නීතිය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සෞදි පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා මේ ලාංකික තරුණයාව එරටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තමන් අතින් වුණ වැරැද්දට මේ තරුණයා පස්සේ සෝෂල් මීඩියා හරහා සමාව ඉල්ලලා තිබුණත්, සෞදි ආරක්ෂක අංශ ඔහුව නිදහස් කරලා නැහැ. ලබන වසරේ (2026) අගභාගයේදී විවාහ වෙන්න පෙරුම් පුරමින් හිටපු මේ තරුණයා, තමන්ව බේරගන්න කියලා දැන් හිරගෙදර ඉඳන් බැගෑපත් වෙනවා කියලා ආරංචි වෙනවා.
මේ ගැන සෝෂල් මීඩියා එකේ අදහස් දක්වපු කෙනෙක් කියලා තිබුණේ, “අන්තිමේදී සෝෂල් මීඩියා එකේ ෆේක් ප්‍රොෆයිල් අස්සේ හැංගිලා ඉන්න කීබෝඩ් වීරයෝ තමන්ගේ ‘ඊගෝ’ එක සනසාගන්න ගිහින් තරුණයන් දෙන්නෙක්ගේම අනාගතය සදහටම විනාශ කළා” කියලායි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart