June 30, 2026

රාජ්‍ය සේවකයින්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20 බැගින් ලබාදෙන බවට රජයේ අමාත්‍යවරයෙකු සිදු කළ බව පැවසෙන ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ එය හුදෙක් අනවශ්‍ය ප්‍රකාශයක් බවයි.

අදාළ අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර තිබේනම් රාජ්‍ය සේවකයින්ට සිදු කළ අගෞරවක් ලෙස තමන් එම ප්‍රකාශය දකින බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු පැවසුවේ අදාළ අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර ඇතැයි තමන් විශ්වාස නොකරන බව සහ ඔහු එවැන්නක් ප්‍රකාශ කර තිබේ නම් ඊට හේතුව කුමක්ද යන්න විමසා බැලිය යුතු බවයි.

”කිලෝ 20 ක් කියන්නේ ඉතාමත් අඩු මුදලක්. ඒක ලීසිං ක්‍රමයට දායි කියලා මම හිතන්නේ නෑ. මට පුදුමයි ඒ වගේ ප්‍රකාශයක් කළා කියලා. එහෙම කළා නම් වහාම වරද නිවැරදි කරලා ඒ වගේ දේවල් නෙමෙයි මෙන්න මෙහෙම මිලට දෙනවා කියලා කියන එක හොඳයි. මම දන්නේ නෑ එහෙම කරන්න මොකක්ද හේතුව කියලා. මේක හරිම බරපතල ප්‍රශ්නයක්. මොකද වෙළඳ ඇමතිවරයෙක් හාල් කිලෝ 20 ක් ලීසිං ක්‍රමයට දෙනවා කියන එක මම හිතන්නේ නෑ. කාර් ගේනවා කිව්වනේ…ඒ වගේ දේවල් තමයි දෙන්න තියෙන්නේ.” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.