
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියානු රජයට ගෙවනු ලැබිය යුතු ණය වාරික මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශනය කර ඒ සඳහා සාධනීය පිළිතුරක් සොයා ගැනීමට නොහැකි වුවහොත් එහි බර පැටවෙන්නේ ද මහජනතාව වෙත බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා එලෙස අස්ථානගතව ඇත්තේ විදෙස් රටක් වෙත අනිවාර්යයෙන් ගෙවිය යුතුව තිබෙන ණය මුදලක් බවයි.
එබැවින් එම වියදම රජය විසින් අනිවාර්යයෙන් දැරිය යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා රටේ සියලුම මුදල් ජනතාවගේ මුදල් බව ද ප්‍රකාශ කළේය.
”සියලුම සල්ලි මහජන සල්ලි. එතකොට ඒක එතනින් ගෙව්වේ නැත්නම් ඒක ආයෙ බදු ගෙවන සල්ලිවලින් තමයි ඒක වෙන්නේ. ඉතිං මේ ඉදිරිපත් කරලා තිබෙන කරුණු අනුව ඒ අයට ඒ ලැබුණු කට්ටියගෙන් සල්ලි ලැබෙන්නේ නැහැ. ලැබුනේ නැතිවුනහම එම පාර්ශවයෙන් ඉබේම මේක රජයට ගෙවන්න තියෙනවා. ඉතිං ගෙවන්න වුනහම නැවත කොහෙන්වත් එව්වේ නැත්නම් ඒක බදු මුදල්වලින් තමයි ගෙවන්නෙ වෙන්නේ. ගෙවන්නේ නැතිව ඉන්න බැහැ. අපිට කියන්න බැහැ රජයෙන් දැන් ගෙවලා තියෙන්නේ වෙනින් තැනකට කියලා. අන්තිමට ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් කොහොමද ඒක ඔස්ට්‍රේලියානු රජයත් එක්ක කතා කරලා කල් ඉල්ලගෙන කටයුතු කරනවාද නැද්ද කියලා. හැබැයි අනිවාර්යයෙන්ම රජයක් වශයෙන් අපිට ගෙවන්නේ නැතිව ඉන්න බැහැ. ගෙවන්න බැරිවුනොත් බංකොලොත්භාවයට ප්‍රකාශවීමක්. ඒකෙන් තමයි අපි ආරක්ෂා වෙන්න තියෙන්නේ.” යනුවෙන් මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart