
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෑතකදී අනාවරණය කරන ලද “ඩොලර් බිලියනයක පද්ධතිමය විදේශ විනිමය වංචාව” කරළියට පැමිණීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සිදු කරන ප්‍රශ්න කිරීම් ද හේතුවන්නට ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ 2025 ජනවාරි මාසයේදී එම කාරක සභාවේදී ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල ප්රතිවිපාකයක් ලෙස මෙවැනි කරුණු ඉදිරිපත් වීම සිදුවිය හැකි බවයි.
රටේ ජනාධිපති, මුදල් ඇමති සහ ආරක්ෂක ඇමති යන සියලුදෙනා මෙවැනි ප්‍රකාශ කර තිබෙන පසුබිමක ඒ පිළිබඳ සොයා බැලීමේ කාර්යයභාරය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ද පැවරෙන බව ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අදාළ පාර්ශව එම කාරක සභාව වෙත කැඳවා විමර්ශනයට ලක් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.
”ජනාධිපතිවරයා කියනවා ඩොලර් බිලියන එකක් කියලා. ලංකාවේ සල්ලිවලින් බිලියන 340 ක්. ඒ කියන්නේ කම්පනි ගණනාවක් මෙහෙම ව්‍යාජ මට්ටමට එවලා තියෙනවා කියන එක. ඉතිං ඒක වුනානම් ඒක බරපතල ප්‍රශ්නයක්. ඉතිං ඒක සෝදිසි කිරීම අප සතු කාර්යයක් ලෙස තමයි මමත්, අනිත් කමිටි මෙම්බර්ස්ලත් දකින්නේ. වෙනිං කවුරුත් නෙමෙයිනේ කරලා තියෙන්නේ. ජනාධිපති කරපු ප්‍රකාශයකට අපි ගෙනැල්ලා සෝදිසි කරන්න අවශ්‍යයි. මේවා හෙව්වේ නැත්නම් මේක බැරෑරුම් ප්‍රශ්නයක් සහ අපේ රාජකාරිය හරියට කළේ නෑ කියන ප්‍රශ්නයට තුඩු දෙන කරුණක් වෙන්න පුලුවන්.” යනුවෙන් ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart