July 1, 2026

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් ඉවත් කළ නොහැකි බව අධිකරණය දැනුම් දී තිබේ.

සුරේෂ් සලේ පිළිබඳ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වන විට විභාග වෙමින් පවතී.

විමර්ශන ශානි අබේසේකරගෙන් ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පිටු 23කින් සමන්විත එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පැවසුවේ සුරේෂ් සලේට ලිපි ද්‍රව්‍ය ලබා දෙන ලෙස කර තිබූ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරන බවයි.

ඔහු රහස් ප්‍රකාශයක් ලබා දීමට කළ ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු සඳහා ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.