
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දූෂණ චෝදනාවකට වරදකරු වීමෙන් පසු තමන්ට පැනවූ වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවමෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස සහ නියම කළ දඩ මුදල් අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අභියාචනා පෙත්සම් හතරක් ගොනුකර තිබේ.
නීතිඥ රන්ජන් ද සිල්වා මහතා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම අභියාචනා, අභියාචනාධිකරණය වෙත යොමුකිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා සඳහන් කරයි.
සරණ ගුණවර්ධන 2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, අනිවාර්ය ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටියෙන් බැහැරව බදු පදනම මත වාහන ලබාගැනීමෙන් රජයට මූල්‍ය අලාභයක් සිදු කළේ යැයි කියන චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු හතරක් පවරා තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, කොළඹ මහාධිකරණය විසින් ඔහු සියලුම චෝදනාවලට වරදකරු බව තීන්දු කළේය.
ඒ අනුව එක් නඩුවකට වසර හතර බැගින් වන සේ ඔහුට වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ අතර, රුපියල් මිලියන 1.8ක දඩයක් ද පනවනු ලැබීය.
මෙම අභියාචනා පෙත්සම් මඟින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඉල්ලා සිටින්නේ මහාධිකරණය විසින් තමන්ට පැනවූ වරදකරු කිරීමේ තීන්දුව සහ දඩ මුදල් අවලංගු කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart